හිටපු ජනපති මහින්ද හා ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදු ව තිබෙනවා.

ඊයේ (22) පස්වරුවේ විජේරාම නිල නිවසේ දී මෙම හමුව පැවැත්වූ බවයි වාර්තා වූයේ.

මෙම හමුවේ දී දෙපාර්ශ්වය අතර දේශපාලනික කරුණු රැසක් මෙන් ම පෞද්ගලික තොරතුරු රැසක් ද සාකච්ඡා කර තිබෙනවා.

සමීපතම අසල්වැසි රාජ්‍යයන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?