AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති මහින්ද ඇල්ලේ ගුනවංශ හිමි හමුවෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේදී ඇල්ලේ ගුණවංශ හිමි හමුවී සාකච්ඡා කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සහ ගුණවංශ හිමි අතර කතා බහ පැයකට ආසන්න කාලයක් පැවති බවයි.

මෙම සාකච්ඡාවේදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ කියා සිටියේ නැවත වරක් විදුලි බිල වැඩි කිරීම අසාධාරණ බවයි. එමෙන්ම විහාරස්ථාන ඇතුලු ආගමික ස්ථානවල ද විදුලි බිල සීඝ්‍ර ලෙස වැඩි වී ඇති අතර මෙවැනි අවස්ථාවක මැති ඇමතිවරුන් ඒ වෙනුවෙන් තම වැටුප හෝ ප්‍රදානය කිරීමට කටයුතු නොකරන්නේ ඇයි ද යන්න උන්වහන්සේ විමසීමක් කළා. රටේ ජනතාව මෙවැනි ප්‍රශ්න හමුවේ දැඩි අපහසුතාවවෙන් සිටින බැවින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවයි ඇල්ලේ ගුණවංශ ප්‍රකාශ කළේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට නාමල් රාජපක්ෂව පත් කරන්නේ ද නැත්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් නොමැති අතර ජනතාව තවමත් පක්ෂය සමග සිටින බැවින් ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News🛑නාමල් රාජපක්ෂ CIDයට ගෙන්වයි #breakingnews #namalrajapaksha
00:31
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බත්තරමුල්ල දෙවනක් කරයි...#hariniamarasooriya #npp #akd
16:36
Video thumbnail
මව් බිමේදී 15වෙනි වතාවටත් කොදෙව්වන් දණ ගැස්සු සිංහයින් ගැන වනිඳු කිව්ව කතාව #srilankacricket
09:04
Video thumbnail
අපි බලමු සිංහල අවුරුදු කන හැටි - හොඳ දේට හොඳයි කියලා මම විපක්ෂයේ ඉඳන් අත උස්සනවා
02:54
Video thumbnail
පාසකු ප්‍රහාරයේ මහා මොළකරු හොයනවා නම් අපි අත් දෙකම උස්සනවා #akd #pasku
04:42
Video thumbnail
ජනාධිපතිටත් ජීවිත තර්ජනයක් ? - රටේ ජනාධිපති ආරක්ෂා විය යුතුයි #anurakumaradissanayake #akd #npp
01:50
Video thumbnail
ආරුගම්බේ සිද්ධිය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් #arugambe #gotabayarajapaksa
05:27
Video thumbnail
පෙම්වතියන්ගෙන් අනිසි දේවල් බලාපොරොත්තු වෙන්න එපා
04:53
Video thumbnail
රට හදන්නේ නැතුව අපි හැරෙන්නේ නෑ
04:04
Video thumbnail
මහවැව නගර මැද්දේ විශාල ගින්නක්
01:16

?