හිටපු ජනපති මහින්ද ඇල්ලේ ගුනවංශ හිමි හමුවෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේදී ඇල්ලේ ගුණවංශ හිමි හමුවී සාකච්ඡා කර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා සහ ගුණවංශ හිමි අතර කතා බහ පැයකට ආසන්න කාලයක් පැවති බවයි.

මෙම සාකච්ඡාවේදී පුජ්‍ය ඇල්ලේ ගුණවංශ කියා සිටියේ නැවත වරක් විදුලි බිල වැඩි කිරීම අසාධාරණ බවයි. එමෙන්ම විහාරස්ථාන ඇතුලු ආගමික ස්ථානවල ද විදුලි බිල සීඝ්‍ර ලෙස වැඩි වී ඇති අතර මෙවැනි අවස්ථාවක මැති ඇමතිවරුන් ඒ වෙනුවෙන් තම වැටුප හෝ ප්‍රදානය කිරීමට කටයුතු නොකරන්නේ ඇයි ද යන්න උන්වහන්සේ විමසීමක් කළා. රටේ ජනතාව මෙවැනි ප්‍රශ්න හමුවේ දැඩි අපහසුතාවවෙන් සිටින බැවින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතු බවයි ඇල්ලේ ගුණවංශ ප්‍රකාශ කළේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් තමන් ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළ බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට නාමල් රාජපක්ෂව පත් කරන්නේ ද නැත්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් නොමැති අතර ජනතාව තවමත් පක්ෂය සමග සිටින බැවින් ඕනෑම මැතිවරණයකට සූදානම් බවයි ඔහු කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49