Empty Ad
AFC Banner
Empty Ad

හිටපු ඇමති රිෂාඩ්ගේ පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ වනාන්තර විනාශ කිරීමේ සිද්ධියට අදාළ පෙත්සමක් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් තමන්ට එරෙහිව ලබා දී ඇති තීන්දුවක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා මාර්තු මස 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනා පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයා වන මහින්ද සමයවර්ධන මහතා මෙම නඩුවේ අභියාචනාධිකරණ නඩු කටයුත්තට සහභාගී වී ඇති බවයි.

ඒ අනුව අදාළ පෙත්සම මහින්ද සමයවර්ධන මහතා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මාර්තු මස 13 දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නයේ පිහිටි කල්ලාරු හා මරිච්චිකට්ටු යන ප්‍රදේශයන් හි පිහිටි වනාන්තර කපා ඉවත් කිරීම තුළින් පාරිසරික විනාශයක් සිදුවී ඇතැයි චෝදනා කර පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබුණා.

2020 වසරේ මෙම රිට් පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය වන විනාශය සිදු වූ ප්‍රදේශවල සිය පෞද්ගලික වියදමින් ගස් රෝපණය කිරීමට පියවර ගන්නා ලෙසටයි රිෂාඩ් බදියුදීන්ට නියෝග කළේ.

එම නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙස ඉල්ලමින් රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?