හිටපු අමාත්‍යවරුන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුව බන්ධනාගාර නිලධාරින් විසින් හදිසි පරික්ෂා කිරීමකට ලක්කර තිබෙනවා.
එහිදී ජංගම දුරකථන හයක් සොයාගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කේ වාට්ටුවේ මහින්ද ආනන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු, එස්.එම් රංජිත්, දුමින්ද සිල්වා යන හිටපු මැති ඇමතිවරුන් රඳවා සිටිනවා.
ඔවුන්ට අමතරව විදේශිකයන් කීපදෙනෙකු ද එහි රඳවා සිටින බවයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1
3



