හිටපු ආරක්ෂක ලේකම්ගේ “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” පොතේ සැකකරු නිදොස් කොට නිදහස්

හිටපු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න විසින් සම්පාදිත “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” ග්‍රන්ථය නීති විරෝධී ලෙස ඡායා පිටපත් ගෙන අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලද සැකකරුවෙක් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස නිදොස් කොට නිදහස් කර ඇත්තේ කැළණිය, ගෝනවල ප්‍රදේශය පදිංචි ශාලාන්ද සේනානි පනාගොඩ නැමැත්තෙක්.

සිද්ධියට අදාළ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට ප්‍රමාණවත් කරුණු පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත් කර නොතිබීම සැලකිල්ලට ගනිමින් සැකකරු එලෙස නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේ.

හිටපු ආරක්ෂක ලේකම්වරයා 2018 වසරේ දී කොළඹ අපරාධ කොට්ඨාශයට කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග කෙරුණා.

පැමිණිලිකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා තිබුණේ, ඔහු විසින් “රණමඟ ඔස්සේ නන්දිකඩාල්” නැමැති ග්‍රන්ථයක් එළිදක්වා තිබූ බවත්, එම ග්‍රන්ථයට පාඨකයන් බොහෝ පිරිසකගේ ඉල්ලුමක් පැවැති බවයි.

සිය ග්‍රන්ථයට එසේ දැඩි පාඨක ඉල්ලුමක් පැවති අවස්ථාවක සැකකාර පුද්ගලයාට අයත් මුද්‍රණාලයකින් එම පොත ඡායා පිටපත් කර, පිටපත් පහක් මුද්‍රණය කර අලෙවි කර ඇති බවයි පැමිණිල්ලේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

එසේ අලෙවි කරන ලද පොතක් පැමිණිලිකරුගේ රියදුරා අතට පත්වීමෙන් පසු පැමිණිලිකරු ඒ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ දී සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී නීතිඥ අනුරාදා වීරවික්‍රම ගුණවර්ධන අධිකරණය හමුවේ කියා සිටියේ, සිද්ධියට අදාළ තම සේවා දායකයා මෙම ග්‍රන්ථය ඡායාරූප කරන ලද ආයතනයේ හිමිකරුගේ සහෝදරයා වන බවත් ඔහු මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොවන බවත්, අදාළ මුද්‍රණාලයේ හිමිකරු මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින බවයි.

මෙම සිද්ධියට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම මුද්‍රණ ආයතනයේ සේවයේ නියතුව සිටි සේවිකාවක් විසින් එම මුද්‍රණ කටයුතු සිදුකර අලෙවි කර තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති බැවින් තම සේවාදායකයා මෙම සිද්ධියෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එසේ නිදොස් කොට නිදහස් කරන ලෙසට නියෝග කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13