හිටපු අමාත්‍ය වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලෙන්ද්‍රන් ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 25 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නඩුව කැඳවු අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය අද (01) නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය නිවේදනය කළේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම්දීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය කළා.

පුද්ගලයෙකුට වැලි කැණීම් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදලක් ලබාගත් බව හා ඊට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ද පසුගිය ඔක්තෝබර් 08 වැනිදා ඇප මත මුදා හැරියා.

පුද්ගලයකුට වැලි කැණීම් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

පැමිණිලිකාර පුද්ගලයාට ලබාදීමට අදාළ වැලි කැණීම් බලපත්‍රය පතල් හා භූ විද්‍යා කාර්යාංශය මගින් සකස් කර තිබී ඇති නමුත් එය පැමිණිලිකරුට ලබා නොදෙන ලෙසට අදාළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට බලපෑම් කර ඇති බව ද විමර්ශන නිලධාරීහු පෙර නඩු වාරයේ දී අධිකරණය හමුවේ පැවසුවා.

පසුව එම ලිපිය ඔවුන්ට ලබාදීම සඳහා සැකකරුවන් දෙදෙනා පැමිණිල්ලකරුගෙන් රුපියල් ලක්ෂ 15 මුදලක් ඉල්ලා ඇති බවත් එය ලබාගැනීමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියා..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?