හිටපු අමාත්‍ය වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලෙන්ද්‍රන් ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 25 වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නඩුව කැඳවු අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරිය අද (01) නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය නිවේදනය කළේ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම්දීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය කළා.

පුද්ගලයෙකුට වැලි කැණීම් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලස් මුදලක් ලබාගත් බව හා ඊට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පරිසර රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ද පසුගිය ඔක්තෝබර් 08 වැනිදා ඇප මත මුදා හැරියා.

පුද්ගලයකුට වැලි කැණීම් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

පැමිණිලිකාර පුද්ගලයාට ලබාදීමට අදාළ වැලි කැණීම් බලපත්‍රය පතල් හා භූ විද්‍යා කාර්යාංශය මගින් සකස් කර තිබී ඇති නමුත් එය පැමිණිලිකරුට ලබා නොදෙන ලෙසට අදාළ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට බලපෑම් කර ඇති බව ද විමර්ශන නිලධාරීහු පෙර නඩු වාරයේ දී අධිකරණය හමුවේ පැවසුවා.

පසුව එම ලිපිය ඔවුන්ට ලබාදීම සඳහා සැකකරුවන් දෙදෙනා පැමිණිල්ලකරුගෙන් රුපියල් ලක්ෂ 15 මුදලක් ඉල්ලා ඇති බවත් එය ලබාගැනීමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු අධිකරණයට දන්වා සිටියා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33