හිඟ බදු ගෙවිය යුතු අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ඇතුලු ආයතන 42ක්

ශ්‍රී ලංකා රේගුව මගින් අය කර ගෙන නොමැති හිඟ බදු ප්‍රමාණය ගෙවිය යුතු ආයතන ගණන 42ක් බව රේගුව පවසනවා.

සති අන්ත ජාතික පුවත්පතක පළ වී ඇති පුවතක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කරමිනුයි ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කර ඇත්තේ.

අදාළ පුවතේ සිරස්තලය වශයෙන් දක්වා ඇත්තේ “ආණ්ඩුවට කෝටි ලක්ෂයක බදු පොලු” යනුවෙනුයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ කියාසිටියේ හිඟ බදු ගෙවිය යුතු රාජ්‍ය ආයතන 42න් 41ක්ම රජයේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුලු රජයේ කාර්යාල වන අතර අනෙක පෞද්ගලික ආයතනයක් බවයි.

මෙම හිඟ බදු මුදල් ඉක්මනින් ගෙවා නිම කරන ලෙසට අදාළ සියලුම ආයතනවලට දන්වා ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

එම ආයතන අතර ඇති එකම පෞද්ගලික ආයතනයෙන් අය කර ගැනීමට ඇත්තේ රට තුළ නිපැයෙන භාණ්ඩ මත අය කරන නිෂ්පාදන බදු වන අතර අදාළ ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනය අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවී ඇති බැවින් එම ගෙවිය යුතු හිඟ මුදල අය කර ගැනීම ප්‍රමාද වී තිබෙනවා.

භාණ්ඩ ආනයනයේදී රජයට අයවිය යුතු තීරු බදු නොගෙවා කිසිදු ආයතනයකට රේගුව විසින් භාණ්ඩ නිදහස් නොකරන බවයි මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

රජයේ ආයතනවලින් අය විය යුතු බදු මුදල් පසුව අය කිරීම මත භාණ්ඩ නිදහස් කිරීම සිදුවන්නේ මුදල් අමාත්‍යංශයෙන් ඒ සඳහා නිර්දේශයක් කරනු ලැබුවහොත් පමණක් බව ද අවධාරණය කර තිබෙනවා.

කෙසේවෙතත් අමාත්‍යංශවල විෂය පථයන් සංශෝධනය වීමේදී වැය ශීර්ෂයන්ද වෙනස් වන බැවින් අදාළ ගෙවීම් අයකර ගැනීමේ සංකූලතාවයන් පැන නැගී ඇතැයි රේගුව පෙන්වා දෙනවා.

එබැවින් රජයේ ආයතනවලින් හිඟ බදු මුදල් අයකර ගැනීම ප්‍රමාද වීමට එය ද හේතුවක් වන්නට ඇති බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21