හැමදේටම පොලිසියට බනින එක සාධාරණද..? නීතිය අවනීතිය කරන්න පොලිස් නිලධාරීන්ට තඟ දාන දේශපාලකයෝ

එක රටක් එක නීතියක් සංකල්පයක් වශයෙන් ගෙන ආවද අපේ රටේ හරි නීතියක් තියෙනවද කියන එක කාටත් ප්‍රශ්නයක්.
සමහර වෙලාවට මිනිස්සු හැම දේටම ඇගිල්ල දික්කරන්නේ පොලිසියට.
හැබැයි හැමදේකටම පොලිසියට චෝදනා එල්ල කරන එක සාධාරණද..?
බොහෝ තැන්වලදි පොලිසියට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න දේශපාලකයා ඉඩ දෙනවද..?
ඇතමෙක්ට හිතෙන්න පුළුවන් මිනිස්සුන්ගෙ බදු මුදලින් වැටුප් අරන් දේශපාලඥයාට ඇයි පොලිසිය කඩේ යන්නේ කියලා.
නමුත් ඉහළ සිට පහළටම මේ න්‍යාය ක්‍රියාත්මක වන නිසා දේශපාලකයාගේ අණට අවනත නොවන නිලධාරීන්ට සිද්ධ වෙන්නේ දවසින් දවස එහෙමත් නැත්නම් මාසෙන් මාසෙට රට වටේම පොලිසිවලට ස්ථාන මාරු වෙන්න.
එහෙම නැත්නම් ඔවුන්ගේ ෆයිල්වලට ලියුම් දාගන්න.
පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය දවසක හරි අපූරුවට කියලා තිබුණු දේශපාලඥයාගේ ඉල්ලීම්වලට ස්ථානාධිපතිවරු පත්කරන්නේ මාරු කරන්නේ නෑ කියලා.
හැබැයි මේක කොයි තරම් දුරට ඇත්තක්ද කියලා සමස්ත පොලිසියම දන්නවා.
සංවිධායකවරයාගේ නිර්දේශයක් නැතිව අදාල ප්‍රදේශයට ස්ථානාධිපතිවරයෙකු පත්කළ හැකිද..?
දේශපාලඥයාගේ අණට කීකරු නැතිනම් එම නිලධාරියාට එවෙලේම ස්ථාන මාරුවීම් ලැබීම අරුම පුදුම දෙයක් නෙවෙයි.
මෙයට ආසන්නතය සිදුවීමක් ගැන මීගමුව බඩල්ගම පොලිසිය පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
මෙම නව පොලිස් ස්ථානය සකස් කිරීමට අවශ්‍ය කටයුතුවලට මුල්වී කටයුතු කර තිබෙන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්.
බඩල්ගම ප්‍රදේශයට නව පොලිසියක් ලබාගැනීමට ඔහු අවශ්‍ය ලිපි ලේඛන රැගෙන පොලිස් කොමිෂන් සභාව, අමාත්‍යාංශය ඇතුළු ස්ථානවලට පවා ගොස් ඒ සියලු වැඩ කටයුතු කරගෙන තිබෙනවා.
ඒ තමාගේ පෞද්ගලික මුදල්ද වැය කරමින්.
අද බඩල්ගම පොලිසියක් ස්ථාපනය කර තිබෙන්නේද මෙම නිලධාරියාගේ උනන්දුව නිසා බවයි බොහෝ දෙනා පවසන්නේ.
ඒ හේතුවෙන් පොලිසිය භාර ඉහළ නිලධාරීන් පවසා පවසා තිබෙන්නේ මෙම උප ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව අදාල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස පත්කරන බවයි.
කිසිවෙකුටත් නොනැමෙන අයුරින් කටයුතු කරන ඔහුට අවසානයේදී උරුම වන්නේ දේශපාලකයෙකුගේ ගැත්තෙකු නොවීම නිසා ස්ථාන මාරුවක් ලැබීමටයි.
හොදම කරුණ නම් අදාල පොලිසිය ස්ථානපනය කරන දින මහා විශාල බැනරයක්ද සවිකර තිබීමයි.
එහි දේශපාලඥයන්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කර තිබෙනවා.
ජනාධිපතිවරයා බලයට පත්වී පැවසුවේ කිසිම තැනක තමාගේ හෝ අනෙක් ඇමතිවරුන්ගේ ප්‍රදර්ශනාත්මක පුවරු සවි නොකරන ලෙසයි.
නමුත් ජනාධිපතිවරයාගේ කීර්තිනාමය සහ එම වචනයට පවා ගරු නොකරන ඇතැම් ඇමතිවරුන් එය කණකට නොගෙන කටයුතු කරන්නේ ජනාධිපතිවරයාද අපහසුතාවයට පත්කරමින්.
කෙසේ වෙතත් පොලිසියට ගරු කරන නීතිය හරියට ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට අද තැනක් නැති බව මෙවැනි සිදුවීම්වලින් මනාවට පැහැදිලි වේ.
විෂයභාර ඇමතිවරයා මොන තරම් දේ පැවසුවද පොලිසිය දේශපාලකාගේ අණට යටත්ව ඇති බව මෙවැනි සිදුවීම්වලින් මනාවට පැහැදිලි වේ.
එලෙස පවතිද්දී ඇතැමුන් පොලිසියට නිරපරාදේ චෝදනා කිරීම සාධාරණ නොවන බවයි පැහැදිලි වෙන්නේ.
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, පොලිස්පතිතුමනි මෙවැනි සිදුවීම්වලින් පොලිස් නිලධාරීන් අපහසුතාවයට පත්වනවා සේම ජනතාවද පොලිසියට ඇගිල්ල දිගු කිරීම නතර කළ නොහැකිය.
ඒ නිසා පොලිස් නිලධාරීන්ට දේශපාලඥයාගේ ඇගිලි ගැසීම්වලින් තොරව තම රාජකාරිය කරගෙන යාමට සුදුසු වටපිටාවක් සැකසීම ඔබලා සතු වගකීමක් බව සිහිපත් කළ යුතුය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූල්‍ය ආයතනවල වහලුන් වෙන්න එපා - සජිත් ආණ්ඩුවට සැරටම කියයි
06:59
Video thumbnail
අද අප්‍රේල් පළවෙනිදා - මේ ආණ්ඩුවට සුවිශේෂී දවසක්
06:29
Video thumbnail
අනුර කුමාර දෙන ආතල් එක අපිට බලාගෙන ඉන්න බෑ
05:52
Video thumbnail
ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් දිවයිනේ ප්‍රථමයා වූ දියණියගේ මව සතුටින් කිව්ව දේ..
06:09
Video thumbnail
ගම්මන්පිලගේ ප්‍රකාශයට සුසිල්ගෙන් සැර උත්තරයක්..ගම්මන්පිලලා කළබල වුණාට කරන්න දෙයක් නෑ
04:31
Video thumbnail
රුසියාවෙන් තෙල් එන්නේ නෑ - බොළඳ කතාවලට අහුවෙන්න එපා
15:07
Video thumbnail
ගල් අඟුරු වංචාවක් වෙලා නෑ..කළින්ටත් වඩා විධිමත්වෙලා..මුදල් අපි කවුරුත් සාක්කුවේ දාගන්නේ නෑ
05:12
Video thumbnail
තාත්තා නිවාඩුදාලා අවුරුද්දක් හිටියා..ගණිත අංශයෙන් දිවයිනෙන්ම තෙවන ස්ථානය ලබාගත් සිසුවා කියූ කතාව..
03:29
Video thumbnail
පොහොය දවසේ මිහින්තලේ හිමි ආණ්ඩුවට රිදෙන්නම දෙයි
12:18
Video thumbnail
ස්වාමින්වහන්සේලාව පාරට දැමීම නිසා ගම්මු කුපිත වෙයි..අද තුණුරුවන් මහපාරේ..මේකද වෙනස..
18:54