හැට්‍රික්වල අවුට් වෙන්න පතාගෙනම ආ මහමුදුල්ලා

ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් ආකෘති තුනේදීම හැට්‍රික් පන්දු යැවීමක දී දැවීගිය පළමු පිතිකරුවා බවට බංග්ලාදේශය ක්‍රීඩක මහමුදුල්ලා රියාඩ් පත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකව සමඟ නිමා වූ තුන්වන විස්සයි විස්ස තරගයේ දී නුවන් තුෂාර ලබාගත් කඩුලු ත්‍රිත්වයේ එක් ගොඳුරක් බවට පත්වීමත් සමඟයි.

එහිදී මහමුදුල්ලා රියාඩ් නුවන් තුෂාර ලබාගත් කඩුලු ත්‍රිත්වයේ තුන්වන කඩුල්ල ලෙස කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියා.

මේ අතර 2015 වසරේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගයක දී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා ලබාගත් කඩුලු ත්‍රිත්වයේ අවසන් කඩුල්ල බවට මහමුදුල්ලා රියාඩ් පත් වුණා.

ඊට අමතරව පාකිස්ථාන කණ්ඩායම සමඟ 2020 වසරේ පැවැති ටෙස්ට් තරගයක දී නසීම් ෂා වාර්තා කළ කඩුලු ත්‍රිත්වයේ එක් ගොඳුරක් බවට පත්වීමට මහමුදුල්ලා සිදුවීම විශේෂත්වයක්.

ඒ, අනුව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් ආකෘති තුනේදීම හැට්‍රික් පන්දු යැවීමක දී දැවීගිය ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
99
+1
4
+1
7
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?