හැට්‍රික්වල අවුට් වෙන්න පතාගෙනම ආ මහමුදුල්ලා

ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් ආකෘති තුනේදීම හැට්‍රික් පන්දු යැවීමක දී දැවීගිය පළමු පිතිකරුවා බවට බංග්ලාදේශය ක්‍රීඩක මහමුදුල්ලා රියාඩ් පත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකව සමඟ නිමා වූ තුන්වන විස්සයි විස්ස තරගයේ දී නුවන් තුෂාර ලබාගත් කඩුලු ත්‍රිත්වයේ එක් ගොඳුරක් බවට පත්වීමත් සමඟයි.

එහිදී මහමුදුල්ලා රියාඩ් නුවන් තුෂාර ලබාගත් කඩුලු ත්‍රිත්වයේ තුන්වන කඩුල්ල ලෙස කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව දැවී ගියා.

මේ අතර 2015 වසරේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගයක දී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා ලබාගත් කඩුලු ත්‍රිත්වයේ අවසන් කඩුල්ල බවට මහමුදුල්ලා රියාඩ් පත් වුණා.

ඊට අමතරව පාකිස්ථාන කණ්ඩායම සමඟ 2020 වසරේ පැවැති ටෙස්ට් තරගයක දී නසීම් ෂා වාර්තා කළ කඩුලු ත්‍රිත්වයේ එක් ගොඳුරක් බවට පත්වීමට මහමුදුල්ලා සිදුවීම විශේෂත්වයක්.

ඒ, අනුව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් ආකෘති තුනේදීම හැට්‍රික් පන්දු යැවීමක දී දැවීගිය ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට ඔහුට හැකියාව ලැබී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23