හාලිඇල නගරයේ තිබී මෘත ශරීර දෙකක් පොලිසිය විසින් අද (12) උදෑසන සොයාගෙන තිබෙනවා.
මින් එක් මෘත ශරීරයක් හාලිඇල – කැටවල මාර්ගයේ කාණුවක තිබී සොයාගෙන ඇති අතර, අනෙක් මෘත ශරීරය හාලිඇල දුම්රියපොළ ආසන්නයේ ඇති මාර්ගයක තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස සොයාගෙන ඇත්තේ හාලිඇල සහ ඇටම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදනෙකුගේ මළ සිරුරු බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම පුද්ගලයින් මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීර දෙක බදුල්ල මහ රෝහලේ තැන්පත්කර ඇති අතර, හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
3
+1
1
+1