AFC Banner
AFC Banner
Empty Ad

හවායි ලැව් ගින්නෙන් මියගිය පිරිසකගේ නම් හෙළි කරයි – මරණ 106 දක්වා ඉහළට

හවායි දූපතේ හටගත් ලැව් ගිනි වලින් මියගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මෙම ගින්නෙන් පුද්ගලයින් 106 දෙනෙකු මිය ගොස් සතියකට පමණ පසුවයි බලධාරීන් මියගිය පුද්ගලයින්ගේ නම් පළමු වරට ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ අනුව 74 හැවිරිදි Robert Dyckman සහ 79 හැවිරිදි Buddy Jantoc යන පුද්ගලයින් දෙදෙනෙකුගේ අනන්‍යතාව හෙළි කර තිබෙනවා.

තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ පවුල්වලට දැනුම් දෙන තුරු ඔවුන්ගේ නම් ප්‍රකාශයට පත් කර නැහැ.

ඓතිහාසික ලහයිනා නගරය පැය කිහිපයක් ඇතුළත විනාශ කළ ව්‍යසනකාරී ගින්නෙන් පසුව විපතට පත් වූවන් සෙවීමේ වෙහෙසකර මෙහෙයුමක් ද ආරම්භ වී තිබෙනවා.

ජැන්ටොක් මහතාගේ දේහය ලහයිනා හි ජ්‍යෙෂ්ඨ නේවාසිකාගාරයක පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයා ගත් බවයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ.

සිරුරු හඳුනාගැනීම සඳහා පුහුණු කරන ලද සුනඛයන් 20 දෙනෙකු ද යොදාගෙන තිබුණා.

අඟහරුවාදා සවස් වන විට ආපදා සිදුවූ ප්‍රදේශවලින් 27%ක් සෝදිසි කර ඇති බව ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි දින 10 තුළ මියගිය සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි අතර එම සංඛ්‍යාව හමුවූ මරණ මෙන් දෙගුණයක් විය හැකි බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?