Empty Ad
Empty Ad
AFC Banner

හලාවත – සිංහපුර කම්පා කළ ගෙයි ගින්නෙන් අළු වුණු සිරුරුවල DNA වාර්තාව එයි

හලාවත – සිංහපුර ප්‍රදේශයේ නිවසක තිබී හමු වූ සිරුරු එකම පවුලේ පියා සහ දියණියගේ බවට DNA පරීක්ෂණ මගින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසනවා.

පසුගිය මාසයේ දී මෙම ඛේදවාචකයට ලක් වුණේ; ශමිනිදුලාගේ ගෙදර සේනාරත්න නමැති 51 හැවිරිදි පුද්ගලයෙක්, මුහන්දිරම්ලාගේ මංජුලා නිරෝෂණී බණ්ඩාර නම් 44 හැවිරිදි කාන්තාවක් සහ ශමිනිදුලාගේ ගෙදර නෙත්මි නිමේෂා නමැති 15 හැවිරිදි ඔවුන් දෙපළගේ එකම දියණියයි.

‘සේනාරත්න’ නමැති පුද්ගලයා විසින් ඉඩම් කට්ටි කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් සිදු කර ගෙන ගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ වන නිරෝෂණී බණ්ඩාර හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව
මුන්නේෂ්වරම කොට්ඨාසයේ සංවර්ධන නිලධාරීණියක ලෙස සේවය කර තිබෙනවා.

මියගිය නෙත්මි නිමේෂා දැරිවිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඉකුත් ඔක්තොම්බර් මස 20 වැනිදා හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකයට ලැබී ඇති ඇමතුමකින් සඳහන් කර ඇත්තේ; එම ප්‍රදේශයේ සිංහපුර ගම්මානයේ නිවසක් ගිනි ගනිමින් තිබෙන බවයි.

ගිනි නිවන භටයින් එම ස්ථානයට ගියත් නිවස තුළ කිසිවෙකු ඇති බවට තොරතුරු තිබී නැහැ.

අනතුරුව අසල්වාසීන්ගේ ද සහාය ඇතිව නිවසේ දොරගුළු කඩා ඊට ඇතුල් වීමට ගිනි නිවන භටයින් කටයුතු කළා.

ගින්න නිවමින් සිටින අතරතුර භටයින් දැක ඇත්තේ නිවසේ කාමරයක සහ ආලින්දයේ මිය ගොස් ඇති තිදෙනෙකුගේ සිරුර තිබෙන බවත්, ඒවා ගින්නට හසු වී හානියට පත්ව ඇති බවයි.

සිද්ධිය ගිනි නිවන භටයින් විසින් පොලීසියට දැනුම්දීමට පියවර ගැනුණේ ඒ අනුවයි.

අනතුරුව හලාවත පොලීසියේ, හලාවත කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, ඇගිළි සළකුණු නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් පැමිණ විමර්ශන කටයුතු සිදු කරනු ලැබුවා.

මිය ගොස් ඇති මංජුලා බණ්ඩාර යන අයගේ සිරුර නිවසේ කාමරයක ඇඳක් මත තිබූ අතර අනෙක් සිරුරු දෙක ආලින්දයේ තිබුණු බවයි වාර්තා වූයේ.

මංජුලාගේ සිරුර ඇයගේ ඥාතීන් විසින් හඳුනාගත් අතර, අනෙක් සිරුර හඳුනාගත නොහැකි ආකාරයට පිළිස්සී තිබුණා.

නමුත් එම සිරුර නිවස හිමි සේනාරත්න සහ ඔහුගේ දියණියගේ බවටයි සැක කෙරුණේ.

හලාවත මහේස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා සහ හලාවත මහා රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර අනතුරුව සිරුරු මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා හලාවත මහා රෝහල වෙත යොමු කෙරුණා.

ඒ හලාවත මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි යි.

21 වැනිදා හලාවත මහා රෝහලේදී මිය ගොස් ඇති තිදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබූ අතර මංජුලා නිරෝෂණී සහ නෙත්මි නිමේෂා යන මවගේ සහ දියණියගේ මරණ සිදු වී ඇත්තේ තියුණු ආයුධයකින් ගෙල කැපීමෙන් බව නිගමනය කළ හලාවත මහා රෝහලේ
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අයි.එම්.ඉලංගරත්න බණ්ඩා මහතා විසින් මියගොස් ඇති සේනාරත්න යන අයගේ සිරුර සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළා.

එමෙන්ම මියගොස් ඇති අයගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට ද කටයුතු කෙරුණා.

මිය ගොස් සිටි සේනාරත්න සහ නෙත්මි නිමේෂා යන අයවළුන්ගේ ඥාතිත්වය තහවුරු කර ගැනීම සඳහා ශරීර කොටස් DNA පරීක්ෂණයකට ද යොමු කිරීමට පොලීසිය කටයුතු කළා.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල ජින්ටෙක් ආයතනය විසින් ඉකුත් 26 වැනිදා හලාවත අධිකරණය වෙත එවා ඇති අතර ඉන් හෙළි ව ඇත්තේ මියගොස් අත්තේ එකම පවුලේ පියා සහ දියණිය බවට තහවුරු වී ඇති බවයි.

නිවසේ ඇති වූ මුදල් ආරවුලක් හේතුවෙන් නිවස හිමියා විසින් තම බිරිඳ සහ දියණිය ඝාතනය කර තමන් ද සියදිවි හානි කර ගන්නට ඇති බවට සැක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් සිටි අඹු – සැමියන්ගේ සහ දියණියගේ සිරුරු අධිකරණ නියෝග මත මීට සති දෙකකට පෙර ඔවුගේ ඥාතීන් වෙත භාර කෙරුණා.

ඥාතීන් විසින් මිය ගොස් ඇති තිදෙනාගේ සිරුරු පිළිබද අවසන් කටයුතු හලාවත සුසාන භූමියේ දී
සිදු කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
13
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?