හලාවත සංචාරක හෝටලයක රැඳී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට

හලාවත, අඹකදවිල ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණු මෙම විදෙස් ජාතිකයින් අතර චීන ජාතික පිරිමි 129ක්, කාන්තාවන් 06ක්, වියට්නාම ජාතික පිරිමි 10ක්, කාන්තාවන් 03ක්, තායිවාන් ජාතික කාන්තාවක් සහ මැලේසියාණු ජාතිකයෙන් සිටින බවයි වාර්තා වුණේ.

මොවුන් සන්තකයේ තිබී පරිගණක 99ක්, ලැප්ටොප් 26ක්, ජංගම දුරකථන 259ක් ද වැටලීම සිදුකළ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයින් මීට මාසයකට පමණ පෙර හලාවත, අඹකදවිල ප්‍රදේශයේ පිහිටි අදාළ සංචාරක හෝටලයට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔවුන් සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ විසින් තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම පිරිස හෝටලයේ රැදී සිටිමින් පරිගණක අපරාධ සිදු කරන්නට ඇති බවට සැකපළ කරනවා.

අත්අඩංගුවට ගැනුණු විදෙස් ජාතිකයින් පිරිස හෝටලය තුළ රදවාගෙන ප්‍රශ්ණ කිරීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46