AFC Banner
Empty Ad
Empty Ad

හලාවත ප්‍රදේශයේ ළැඟුම්හලක රැඳී සිටි විදෙස් ජාතිකයින් 11 රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සැක කටයුතු ලෙස සංචාරක හෝටලය නවාතැන් ගෙන සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද විදේශිකයින් 11 දෙනෙකුව මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා ඊයේ (16) පස්වරුවේ නියෝග කළා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; දිසා විනිසුරුවරයා විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මැලේසියානු ජාතිකයින් 04 දෙනෙකු, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවක්, කෙන්යා ජාතික කාන්තාවක් සහ චීන ජාතික පිරිමි
පුද්ගලයෙකු බවයි.

හලාවත – ඉරණවිල පාරේ පිහිටි සංචාරක හෝටලයක සැක කටයුතු ලෙස විදේශිකයින් පිරිසක් රැඳී සිටින බවට වයඹ පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව මෙම විමර්ශන සිදු කෙරුණා.

ඒ අනුව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඉකුත් 15 වැනිදා රාත්‍රියේ විදේශිකයින් පිරිස අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් සහ සැකකාරියන් සතුව තිබී පරිගණක 20 ක්, රවුටර් 03 ක් සහ ජංගම දුරකතන 282ක් ද වැටලීම කළ නිලධාරීන් තම භාරයට ගැනුණු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඒ ඒ රටවල්වල තානපති කාර්යාල නිලධාරීන්ගේ සහාය ලබාගත යුතු බව අධිකරණයට කරුණු වාර්තා කළ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් මහතා ඉල්ලා සිටියා.

ඒ සඳහා අවසර ලබා දුන් දිසා විනිසුරුවරයා පොලිස් භාරයේ ඇති පරිගණක, රවුටර් සහ ජංගම දුරකතන මොරටුව විශ්වවිද්‍යාලයට භාර දී වාර්තාවක් කැඳවීමට ද නියෝග කෙරුණා.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී වරින්වර සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඔවුන් මෙරටට ගෙන්වීමේ කටයුත්ත සිදු කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට ද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?