spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හලාවත – තොඩුවාව මුහුදු වෙරළ නැවතත් ඛාදනයට ලක් වෙයි (ඡායාරූප)

වසර කීපයකට පෙර තොඩුවාව ප්‍රදේශයේ මුහුදු ඛාදනය ආරම්භ වූ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල් වැටි යෙදීම හේතුවෙන් එම තත්ත්වය යම් ප්‍රමණයකින් පාලනය වී තිබුනා.

නමුත් මෑතක සිට උතුරු තොඩුවාව මුහුදු වෙරළ දැඩි ලෙස ඛාදනය වන්නට පටන් ගෙන ඇති බවක් දක්නට ඇති අතර මෙම තත්ත්වය හේතුවෙන් වෙරළ ආසන්නයේ පැවති නිවාස කීපයක්ම මේ වන විට මුහුදට ගසා ගෙන ගොස් තිබෙන බව වාර්තා වුනා.

වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා යොදා ඇති ගල් වැටි ද මුහුදට ගලා ගෙන ගොස් ඇති බවකුයි දක්නට ලැබුනේ.

මේ අතර ඊයේ (25) සවස තොඩුවාව ප්‍රදේශයේදී මුහුදු රළ ප්‍රචණ්ඩ වී හලාවත – නයිනමඩම මාර්ගය දක්වා පැමිණි ආකාරයක් දක්නට ලැබුනා.

දැඩි ලෙස අබලන් වී තිබූ හලාවත – නයිනමඩම මාර්ගය මෑතකදී කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ඇති අතර පවතින තත්ත්වය නිසා මෙම මාර්ගයටද හානි සිදු විය හැකි බව ප්‍රදේශවාසීන් පවසනවා.

මුහුදු ඛාදනය පාලනය කිරීමට ගල් වැටි යෙදීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තොඩුවාව ප්‍රදේශයට යන්ත්‍ර සූත්‍ර පවා ගෙනවිත් ඇති නමුත් එය නිසි පරිදි සිදු නොවන බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසා සිටියා.

මුහුද රළු වී ප්‍රචණ්ඩ වීම හේතුවෙන් විවේකයක් ගත කිරීම සඳහා තොඩුවාව ප්‍රදේශයට පැමිණ සිටි පිරිසක් කඩිනමින් ඉවත්ව යන ආකාරයක්ද දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?