එක්දරු පියාට දිවි අහිමි කළ ආරවුල

මින්නේරිය ප්‍රදේශයේදී ඊයේ (23) පිහියෙන් ඇන පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය වැව පාරේ,විදුලි බල මණ්ඩල කාර්යාලය අසළ්දී මෙම පිහි ඇනුම සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මින්නේරිය වැව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි එක්දරු පියෙකි.

මියගිය පුද්ගලයා මින්නේරිය වැවේ ධීවර රැකියාවේ නිරත පුද්ගලයෙකු වන අතර ඔහු හා ඝාතනය සිදු කළ පුද්ගලයා අතර කලක පටන් තිබූ ආරවුලක් දුර දිග ගොස් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට සම්බන්ධ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු වන අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් ඊට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙකු මින්නේරිය පොලීසිය විසින් ඊයේ ‍රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මින්නේරිය, හේන් යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26-30ත් අතර පසුවන පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් අද (24) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඝාතනයට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා මින්නේරිය පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරීෂණ මින්නේරිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14