හල්දුම්මුල්ලේ දරුණු බස් රථ අනතුරක් – රියදුරා ජීවිතක්ෂයට

කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් හල්දුම්මුල්ල, ඌවතැන්න ප්‍රදේශයේ දී අද (18) උදෑසන මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු අසුන පිහිටි දොර එකවරම විවෘතව ඇති අතර, එම අවස්ථාවේ දී රියදුරු එම දොර වැසීමට උත්සාහ කළ අවස්ථාවේ දී රථය පාලනය කරගත නොහැකිව අසල තිබූ වේල්ලක ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇති බවයි හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් කළ දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?