හරීන් ප්‍රකාශයක් ලබාදීමට CID වෙත එයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

එම කැඳවීමට ප්‍රතිචාර වශයෙන් අද (22) පෙරවරු 10ට පමණ හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ නිශ්චිත හේතුවක් දන්වා නොමැති වුව ද, බොහෝ විට පසුගියදා ආන්දෝලනයකට තුඩු දුන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමේ ක්‍රියාපටිපාටියේ දී ඊට කැබිනට් මණ්ඩල අමාත්‍යවරු වශයෙන් අනුමැතිය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවන්නට ඇතැයි සිතන බව ද හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

පසුගියදා හිටපු අමාත්‍යවරයා ව බදුල්ල පොලිසියෙන් අත් අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ද ඉදිරිපත් කෙරුණේ; මැතිවරණ කාල සීමාවේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු ස්ථානයක කලහකාරී අයුරින් හැසිරීමට එරෙහිවයි.

කෙසේවෙතත් හිටපු අමාත්‍යවරයාව එදින ම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරුණා.

මෙවර හරීන් ප්‍රනාන්දු මහතා ගෑස් සිලින්ඩරයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වුණ ද ඔහු පරාජයට පත් වුණේ වසර 04ක කාලයකට පාර්ලිමේන්තුවේ දොරටුව වසා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ආ නාමල් සංවේදි වෙයි
01:00
Video thumbnail
නිවුටන්ගේ නියමයෙන් මේක බේරගන්න බැහැ..නලින් බණ්ඩාරගෙන් සැර කතාවක්..
09:55
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13


?