හරි පාර නොපෙන් වූ ගූගල් සමාගමට නඩු

ගූගල් සිතියම් මඟ පෙන්වීම් (Google Map) අනුගමනය කර තම මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැඩුණු පාලමකින් වැටී මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් වන්දි ඉල්ලා පවුලේ සාමාජිකයන් google සමාගමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ උතුරු කැරොලිනාවේ පදිංචිකරුවෙක්.

තාක්ෂණික දැවැන්තයාට මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් නඩු පවරා ඇත්තේ නොසැලකිලිමත්කම සඳහායි.

අදාළ පාලමේ කඩා වැටීම සම්බන්ධයෙන් දැනුවත්වී සිටිය ද එය සංචාලන පද්ධතිය තුළ (navigation system) යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇති බවටයි google සමාගමට චෝදනා එල්ලවී ඇත්තේ.

වෛද්‍ය උපකරණ අලෙවිකරුවෙකු වන දෙදරු පියෙකු වූ පිලිප් පැක්සන්, 2022 වසරේ සැප්තැම්බර් මස 30 වනදා ඔහුගේ ජීප් රථයෙන් යමින් සිටියදී එය සමග පාලමකින් ඇද වැටීමෙන් පසු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

ඔහු තම දියණියගේ නවවන උපන්දින සාදය වෙනුවෙන් මීට පෙර ගමන් කර නොමැති අසල්වැසි ප්‍රදේශයක් හරහා නිවස බලා යමින් සිටියදී Google Maps වෙතින් ඔහුට වසර නවයකට පෙර කඩා වැටුණු අලුත්වැඩියා නොකළ පාලමක් හරහා යාමට උපදෙස් දුන් බවයි සඳහන් වන්නේ.

“අපේ ළමයි අහනවා එයාලගේ තාත්තා මැරුණේ කොහොමද සහ ඇයි කියලා, මම එයාලට තේරුම් කරන්න වචන නැතුව ඉන්නේ. මොකද වැඩිහිටියෙක් විදියට මට තාමත් තේරෙන්නේ නැහැ GPS උපදෙස් සහ පාලම සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙලෙස කටයුතු කළේ කොහොමද කියලා.” ඔහුගේ බිරිඳ ඇලිසියා පැක්සන් ප්‍රකාශ කරනවා.

පෙරලී ගොස් අර්ධ වශයෙන් ජලයෙන් යටවී තිබූ රථයේ තිබී පැක්ස්ටන්ගේ සිරුර සොයාගත් නිලධාරීන් පවසා ඇත්තේ සෝදා පාළුවට ලක්වූ අදාළ මාර්ගයේ බාධක හෝ අනතුරු ඇඟවීමේ සංඥා කිසිවක් නොමැති බවයි. ඔහු අනාරක්ෂිත මායිමකින් රිය පදවා අඩි 20ක් පමණ පහළට කඩා වැටී ඇති බව නඩුවේ සඳහන්.

උතුරු කැරොලිනා ප්‍රාන්ත හමුදාව පවසා ඇත්තේ පාලම ප්‍රාදේශීය හෝ රාජ්‍ය නිලධාරීන් විසින් නඩත්තු නොකළ බවත්, මුල් සංවර්ධකයාගේ සමාගම විසුරුවා හරින ලද බවයි.

පිලිප් පැක්සන්ගේ මරණයට පෙර වසර කිහිපය තුළ මෙම පාලම කඩාවැටීම පිළිබඳව Google Maps වෙත විවිධ පුද්ගලයන් දැනුම් දී ඇති අතර එහි ගමන් මාර්ග තොරතුරු යාවත්කාලීන කරන ලෙසට ප්‍රකාශ කර තිබෙනවා.

කඩා වැටුණු පාලම මතින් රියදුරන් යොමු කරන බවට සමාගමට අනතුරු ඇඟවීමට 2020 සැප්තැම්බර් මාසයේදී සිතියමේ “සංස්කරණයක් යෝජනා කරන්න” විශේෂාංගය භාවිතා කළ පුද්ගලයෙකුගේ විද්‍යුත් තැපෑල ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව සඳහන්.

Google වෙතින් 2020 නොවැම්බර් මස විද්‍යුත් තැපෑල තහවුරු ලැබුණු බව සහ යෝජිත වෙනස සමාලෝචනය කරමින් සිටි බව තහවුරු කර තිබූ අතර Google විසින් වැඩිදුර ක්‍රියාමාර්ග නොගත් බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන අතර මෙම නඩුව සමාලෝචනය කරමින් සිටින බවයි Google ප්‍රකාශක José Castañeda විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26