AFC Banner
Empty Ad
Empty Ad

හරක් මස් රැගෙන ගියාට දුම්රියක් තුළ පුද්ගලයෙකු ගුටි පූජාවක් (වීඩියෝ)

ඉන්දියාවේ දුම්රියක් තුළ වයෝවෘද්ධ පුද්ගලයෙකුට දුම්රිය මැදිරියක සිටි පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වනවා.

අදාළ පුද්ගලයා දුම්රිය තුළ හරක් මස් රැගෙන ගිය බවට පවසමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාසික් දිස්ත්‍රික්කයේ ඉගට්පුරි හි සීඝ්‍රගාමී දුම්රියක මෙම සතියේ මුල දී පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම පුද්ගලයා කල්‍යාන්හි තම දියණියගේ නිවසට දුම්රියෙන් යමින් සිටිය දී ඔහු හරක් මස් රැගෙන යන බවට පවසා ඔහුට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත පොලිසිය විමර්ශන අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයන්ගෙන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?