හරක් කටා පන්නන්න හැදූ පොලිස් කොස්තාපල්ගේ මව රිමාන්ඩ්

නදුන් චින්තක නොහොත් “හරක් කටා” නැමැත්තාට රටින් පැන යාමට සැලසුම් සකස් කළ බවට චෝදනා එල්ලවී ඇති පොලිස් කොස්තාපල්වරයාගේ මව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතායි අද මෙම නියෝගය ලබා දුන්නේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි රංජනී චන්ද්‍රලතා නැමැති කාන්තාවක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවීමට පෙර දිනයේදී අදාළ කාන්තාව කොළඹට පැමිණ ඇතැයි කරුණු හෙළිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

“හරක් කටා” නැමැත්තා විසින් මෙම සැකකාර කාන්තාවට ලබාදී තිබෙන ජංගම දුරකථන, පරිගණක ඇතුළු භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

සැකකාර කාන්තාව අසනීප තත්ත්වයෙන් පෙළෙන බැවින් ඇය ඇප මත මුදා හරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03