spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හරක් කටා පන්නන්න හැදූ පොලිස් කොස්තාපල්ගේ මව රිමාන්ඩ්

නදුන් චින්තක නොහොත් “හරක් කටා” නැමැත්තාට රටින් පැන යාමට සැලසුම් සකස් කළ බවට චෝදනා එල්ලවී ඇති පොලිස් කොස්තාපල්වරයාගේ මව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතායි අද මෙම නියෝගය ලබා දුන්නේ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි රංජනී චන්ද්‍රලතා නැමැති කාන්තාවක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම සිද්ධිය සිදුවීමට පෙර දිනයේදී අදාළ කාන්තාව කොළඹට පැමිණ ඇතැයි කරුණු හෙළිවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

“හරක් කටා” නැමැත්තා විසින් මෙම සැකකාර කාන්තාවට ලබාදී තිබෙන ජංගම දුරකථන, පරිගණක ඇතුළු භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.

සැකකාර කාන්තාව අසනීප තත්ත්වයෙන් පෙළෙන බැවින් ඇය ඇප මත මුදා හරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?