හරක් කටාට එරෙහි නඩුවක් කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටිය දී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන සී.සි.ටී.වී දර්ශන මෙන්ම ඇතැම් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශය තමන් වෙත ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එසේම මෙම නඩුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවතින නඩු ගොනුව කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකරයට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මුල් නඩු ගොනුවේ සහතික පිටපතක් නොපමාව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එම අධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා.

මෙහි දී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවල තම සේවා දායකයාට අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය බව සඳහන් කළා.

මෙම නඩුව දුරස්ථ තාක්‍ෂණය ඔස්සේ පැවැත්වීමට පියවර ගත යුතු බවට පැමිණිල්ල විසින් සඳහන් කර තිබුණ ද විත්තිකරුට අධිකරණය හමුවට පැමිණීමට අයිතියක් තිබෙන බවත් එම නීතිඥවරු පෙන්වා දුන්නා.

එහෙත් මහාධිකරණ විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළේ නෑ.

ඉන් අනතුරුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 29 වනදා තෙක් කල් තැබුණා.

මෙම නඩුව පැවති අවස්ථාවේ දී රඳවාගෙන සිටින හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?