හරක් කටාට එරෙහිව ඇති නඩුවක සාක්ෂි විමසීම ඇරඹෙයි

තවත් පුද්ගලයෙකු සමග බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී ගිනි අවි පෙන්වා එම නිවසේ තිබූ රුපියල් විසි දහසක මුදලක් පැහැරගෙන යාම මෙන්ම මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පැහැරගෙන යාම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මේ වන විට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා යන අයට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ ආරම්භ කෙරුණා.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම අනුව මෙම නඩුවේ පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි බස් රථ හිමිකරුවකු වන අනුර පාලිත පෙරේරා යන අය අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දුන්නා.

2005 ජුනි 10 වැනිදා තමා සිය නිවසේ පිටුපස පිහිටි ළිඳ අසල මුහුණ සෝදමින් සිටිනා අතරතුර ගේට්ටුව දෙසින් යම්කිසි ශබ්දයක් ඇසුණු බවත් තමා ඒ ගැන බලන විට පුද්ගලයන් දෙදෙනෙකු වත්තට ඇතුල් වී සිටිය අතර එහි සිටි එක් අයකු ගිනි අවියක් අත තබාගෙන තම හිසට එල්ල කර තමාව ගේ ඇතුළට රැගෙන ගොස් අල්මාරිය තුළ තිබූ රුපියල් විසිදහසක මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවත් සාක්ෂිකරු එලෙස සාක්ෂි ලබා දෙමින් අධිකරණයේ හමුවේ පැවසුවා.

එලෙස පැමිණිල්ලේ සාක්ෂි ලබා දීම අවසන් වීමෙන් අනතුරුව විත්තියේ හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ වූ අතර පොලිස් සටහන් පොතේ ඡායාපිටපත් විත්තිය වෙත ලබාදීමට විනිසුරුවරයා පොලිසිය වෙත නියෝග කළා.

අනතුරුව වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම සඳහා මෙම නඩුව නැවත ලබන පෙබරවාරි මස 13 වන දින කැඳවීමට නියම කළ විනිසුරුවරයා විත්තියේ නීතිඥ අරුණ මදුශංක මහතාට නඩුව සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට අවසරය ලබා දෙන දෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධ්‍යක්ෂකවරයා වෙත නියම කළා.

ඉදිරි නඩු දිනයේදී විත්තිකරු විධිමත් ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?