හරක් කටාට අධිචෝදනා භාරදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50 ක් යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් “හරක් කටා” ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ මෙම නඩුව අද (05) අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබුවා.

අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරයකු වන රවිඳු සන්ධිප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර හෙවත් මිදිගම රුවන් සහ සංජීව අබේසිංහ යන විත්තිකරුවන් නම් කර තිබෙනවා.

මෙම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධිවිධාන මැද අදාළ විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද අධිකරණය නියම කළා.

ඒ, අනුව හරක් කටා නමැති විත්තිකරු රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කර සිටියා.

සෙසු විත්තිකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද විනිසුරුවරයා විසින් නියෝග කළේ.

ඉන් අනතුරුව නඩුව යළිත් සැප්තැම්බර් මස 24 වැනි දා කැඳවීමට අධිකරණය නියම කර සිටියා.

මෙම සිද්ධියට අදාළව මීට පෙර නීතිපතිවරයා විසින් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර, එම චෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ ඉල්ලීමක් කළා.

එම නඩුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කර තිබෙන බැවින් එම අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට විත්තිකරුවන් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබාදිය හැකි බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීම සඳහා මෝසමක් තමන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන බව විත්තියේ නීතිඥවරු දැනුම් දී තිබෙනවා.

ඉන් අනතුරුව එම කටයුතුවල ප්‍රගතිය මීළඟ නඩු දිනයේ දැනුම්දෙන ලෙසත් විනිසුරුවරයා පාර්ශවකරුවන්ට නියෝග කර සිටියේ.

2023 වසරේ අප්‍රේල් මස පළවනදා සහ එම වසරේ සැප්තැම්බර් මස 10 වනදා අතර කාලසීමාව තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි හරක් කටා නැමැති විත්තිකරුට පලායාමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 50ක් එල්ලකරමින් විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින්දෙ 74 දෙනෙකු ද නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?