නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) දහවල් වැලිගම හා අතුරුගිරිය යන ප්‍රදේශවල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24, 27, 32, 38, 39 සහ 43 යන වයස්වල පසු වන වැලිගම, දික්වැල්ල හා අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුන් ය.මෙම සැකකරුන් 6 දෙනා නඳුන් චින්තක නොහොත් හරක් කටා සමග දුරකථන සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
1
+1
1
+1
+1




