මතුගම සජබ සභාපති ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ්

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ කියන සිද්ධියකට අදාළව මතුගම ප්‍රාදේශිය සභාවේ සභපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් සභපතිවරයා ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.