ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි ? – විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි

වත්මන් රජය බලයට පත් වූයේ පොහොසත් රටක්, ලස්සන ජිවිතයක් නිර්මාණය කරනවායැයි කියූ පොරොන්දු පත්‍රිකාව මත වුවත් මේ වන විට වත්මන් රජය දුප්පත් රටක්, දුප්පත් ජිවිතයක් නිර්මාණය කරන විදුලි බිල වැඩි කිරීමකට මුල පුරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේද කතා බහක් නිර්මාණය වී තිබෙන විදුලි බිල සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්මින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළා.

සෑම වේදිකාවකම පාහේ එදා විපක්ෂයේ ක්‍රියාකාරීන් ලෙස 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවද බලයට පත් වු පසු වේදිකාවේ වූ පොරොන්දු අමතක කර 11.57%කින් විදුලි බිල වැඩි කරන්න සැලසුම් කරන බවත් ලැබූ ජන වරම පාවා දෙමින් යන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටිනවා.

ජනතාවගේ කර මතින් බලයට පැමිණ, ජනතාව දුන් ජන වරම පාවා දෙන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන අතරම රජය මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බවත් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56