හරක්කටාට පැන යන්නට උදව් කළ හිටපු කොස්තාපල් වෙනුවෙන් ඇප අයදුම්පතක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති එම නඩුවේ දෙවැනි විත්තිකරු වන රවීන්ද්‍ර සන්දීප ගුණසේකර යන හිටපු පොලිස් කොස්තාපල්වරයා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා කොළඹ මහාධිකරණට ඇප අයැදුම්පතක් යොමු කර තිබෙනවා.

සිය සේවාදායකයා 2023 සැප්තැම්බර් 10 වැනිදා පොලිස් නිලධාරීන් හත්දෙනෙකුට නිද්‍රාජනක ඖෂධ මිශ්‍ර කිරිටොෆි ලබා දී ඇතැයි චෝදනා කළත් ඔහු එවැන්නක් සිදු නොකළ බවත් එම කිරිටොෆි ලබා දී ඇත්තේ රසික කුමාර නමැති පොලිස් නිලධාරීයා බව මේ වන විට අනාවරණය වී ඇති නිසාත් එම කිරි ටොෆි තිත්ත රස වූ බැවින් එම නිලධාරීන් ලවා අනුභව නොකළ නිසාත් මත්වීමක් සිදු ව නොමැති බවට පැමිණිල්ල පෙන්වා දී ඇති බැවින් ඇප අයදුම්පත යොමු කරමින් නීතිඥවරයා පෙන්වා දුන් බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එමෙන්ම රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව එම කිරිටොෆිවල meolazojam නමැති ඖෂධය ඉතා සුළු ප්‍රමාණයක් අන්තර්ගතව ඇති බැවින් කිරි ටොෆි ලබාදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම යුක්ති සහගත නොවන බව ද එම නීතිඥවරයා පෙන්වා දුන්නා.

දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීම නඩු විභාගයකින් තොරව ලබා දී ඇති බව ද නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

දඬුවමක් නිසා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොකළ යුතු බවත් ප්‍රබල නඩුවක් මත ඇප නොදී සිටීමට බාධාවක් නොවන බව ද ඇප අයදුම්පත මගින් අධිකරණයට නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඇප අයදුම්පත ලිඛිතව යොමු කරමින් එකී සුවිශේෂී කරුණු නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
11
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21