හරක්කටාට පැන යන්නට උදව් කළ හිටපු කොස්තාපල් වෙනුවෙන් ඇප අයදුම්පතක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඇති එම නඩුවේ දෙවැනි විත්තිකරු වන රවීන්ද්‍ර සන්දීප ගුණසේකර යන හිටපු පොලිස් කොස්තාපල්වරයා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදා හරින ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාලිය සමරසිංහ මහතා කොළඹ මහාධිකරණට ඇප අයැදුම්පතක් යොමු කර තිබෙනවා.

සිය සේවාදායකයා 2023 සැප්තැම්බර් 10 වැනිදා පොලිස් නිලධාරීන් හත්දෙනෙකුට නිද්‍රාජනක ඖෂධ මිශ්‍ර කිරිටොෆි ලබා දී ඇතැයි චෝදනා කළත් ඔහු එවැන්නක් සිදු නොකළ බවත් එම කිරිටොෆි ලබා දී ඇත්තේ රසික කුමාර නමැති පොලිස් නිලධාරීයා බව මේ වන විට අනාවරණය වී ඇති නිසාත් එම කිරි ටොෆි තිත්ත රස වූ බැවින් එම නිලධාරීන් ලවා අනුභව නොකළ නිසාත් මත්වීමක් සිදු ව නොමැති බවට පැමිණිල්ල පෙන්වා දී ඇති බැවින් ඇප අයදුම්පත යොමු කරමින් නීතිඥවරයා පෙන්වා දුන් බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

එමෙන්ම රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව එම කිරිටොෆිවල meolazojam නමැති ඖෂධය ඉතා සුළු ප්‍රමාණයක් අන්තර්ගතව ඇති බැවින් කිරි ටොෆි ලබාදීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම යුක්ති සහගත නොවන බව ද එම නීතිඥවරයා පෙන්වා දුන්නා.

දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීම නඩු විභාගයකින් තොරව ලබා දී ඇති බව ද නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන් බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

දඬුවමක් නිසා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොකළ යුතු බවත් ප්‍රබල නඩුවක් මත ඇප නොදී සිටීමට බාධාවක් නොවන බව ද ඇප අයදුම්පත මගින් අධිකරණයට නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඇප අයදුම්පත ලිඛිතව යොමු කරමින් එකී සුවිශේෂී කරුණු නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
11
+1
0
+1
1
+1
0
+1
4
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?