හයිටි අගමැතිවරයාට වෙඩි ප්‍රහාරයක්

හයිටි අගමැති ඒරියෙල් හෙන්රි ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පිරිසක් උත්සාහ කළ බව එරට බලධාරීන් පවසයි.

එරට නිදහස සැමරීමට පසුගිය සෙනසුරාදා පැවති උත්සවයක් අතරතුරදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන් වෙයි. 

උතුරු හයිටියේ ගොනයිව්ස් නම් නගරයේ දේවස්ථානයක පැවති උත්සවයක් අතරතුරදී අදාළ වෙඩිතැබීම සිදුකර තිබුණි.

සමාජ මධ්‍යයේ සංසරණය වෙමින් තිබූ වීඩියෝවක දැක්වෙන්නේ අගමැතිවරයාගේ වාහන පෙළට දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ල වන ආකාරයයි.

පසුගිය ජූලි මාසයේදී එරට ජනාධිපති ජෝවෙනෙල් මොයිසේ ව ඔහුගේ නිවස තුළදීම ඝාතකයින් කණ්ඩායමක් විසින් වෙඩිතබා මරාදැමීය. 

අනතුරුව එරට ආරක්ෂක තත්ත්වය ව්‍යාකූල වී තිබේ.

මේ වනවිට හයිටිය තුළ විවිධ මැර කණ්ඩායම් බලවත් වී සිටින අතර ඔවුන් විසින් පුද්ගලයින් පැහැරගැනීම සහ රට තුළ ගෑස් බෙදාහැරීමේ කටයුතු බලයෙන් අල්ලාගෙන තිබේ.

ඒ හේතුවෙන් එරට ගෑස් අර්බුදයක් ද මතුවී ඇති බව වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?