හයිටි අගමැතිවරයාට වෙඩි ප්‍රහාරයක්

හයිටි අගමැති ඒරියෙල් හෙන්රි ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පිරිසක් උත්සාහ කළ බව එරට බලධාරීන් පවසයි.

එරට නිදහස සැමරීමට පසුගිය සෙනසුරාදා පැවති උත්සවයක් අතරතුරදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන් වෙයි. 

උතුරු හයිටියේ ගොනයිව්ස් නම් නගරයේ දේවස්ථානයක පැවති උත්සවයක් අතරතුරදී අදාළ වෙඩිතැබීම සිදුකර තිබුණි.

සමාජ මධ්‍යයේ සංසරණය වෙමින් තිබූ වීඩියෝවක දැක්වෙන්නේ අගමැතිවරයාගේ වාහන පෙළට දරුණු වෙඩි ප්‍රහාරයක් එල්ල වන ආකාරයයි.

පසුගිය ජූලි මාසයේදී එරට ජනාධිපති ජෝවෙනෙල් මොයිසේ ව ඔහුගේ නිවස තුළදීම ඝාතකයින් කණ්ඩායමක් විසින් වෙඩිතබා මරාදැමීය. 

අනතුරුව එරට ආරක්ෂක තත්ත්වය ව්‍යාකූල වී තිබේ.

මේ වනවිට හයිටිය තුළ විවිධ මැර කණ්ඩායම් බලවත් වී සිටින අතර ඔවුන් විසින් පුද්ගලයින් පැහැරගැනීම සහ රට තුළ ගෑස් බෙදාහැරීමේ කටයුතු බලයෙන් අල්ලාගෙන තිබේ.

ඒ හේතුවෙන් එරට ගෑස් අර්බුදයක් ද මතුවී ඇති බව වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38