හමුදා ඇඳුමින් ටික් ටොක් එකේ ඩෙගා නටපු සුරූපී තරුණියට අත්වුණු ඉරණම

යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනයාට සිවිල් ජීවිතයේ එදිනෙදා භාවිතය සඳහා යොදා ගත නොහැකි බව, යුද හමුදා ප්‍රධානීන් නැවත වරක් සිහිපත් කර තිබෙනවා.

යුද හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් මැසීම සඳහා භාවිත කරන රෙදි යොදා ගෙන නිර්මාණය කරන ලද ගවුමක් ඇඳ ගත් තරුණ කාන්තාවක් නිකුත් කළ ටික් ටොක් විඩියෝවක් සම්බන්ධයෙන් යුද හමුදා උසස් නිලධාරීයෙකු ගෙන් සිදුකළ විමසීමකදී මෙම කරුණ පැහැදිලි කර තිබෙනවා.

මෙම combat cama හෙවත් යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනතාවගේ භාවිතය සඳහා නිකුත් නොකරන බවත්, ඒවා ආනයනයට සහ මෙරට නිෂ්පාදනයට පවා විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු බවත්, අදාල උසස් හමුදා නිලධාරියා පැවසුවා.

එමෙන්ම, එම ඇඳුම් භාවිත කර මෙරට ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය කිරීම සඳහා ද අවසර ලත් නිමි ඇඳුම් නිෂ්පාදන ආයතන ගණනාවක් ඇති බවත්, ඒවා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත්, ඔහු පැවසුවා.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශේෂ අවස්ථාවන් සහ විලාසිතා සන්දර්ශන සඳහා හෝ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවන් සඳහා පමණක් විශේෂ අවසරයක් සහිතව එම රෙදි භාවිත කර නිර්මාණය කරන ලද ඇඳුම් නිර්මාණ භාවිත කළ හැකි බවයි.

එහෙත් එම ඇඳුම් නිර්මාණ හෝ එම නිෂ්පාදන අදාළ අවස්ථාවට පමණක් භාවිත කළ යුතු බවටත්, ඔහු අවධාරණය කළා.

මේ ආකාරයෙන් යුධ හමුදා කැලෑ ඇඳුම් අවභාවිත කරන සිවිල් පුද්ගලයින් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන යුධ හමුදා ආඥා පනතේ ඇති බවත්, එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30