AFC Banner
Empty Ad
Empty Ad

හමාස් ප්‍රහාරවල දී ජීවිතක්ෂයට පත් අනුලා ජයතිලකගේ දේහය දිවයිනට (ඡායාරූප)

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික සේවිකා අනුලා ජයතිලකගේ දේහය මේ වනවිට දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අද (28) පෙරවරුවේ ඇයගේ දේහය මෙලෙස දිවයිනට රැගෙන ආ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

49 හැවිරිදි අනුලා ජයතිලකගේ දේහය අද උදෑසන 09.30ට ඩුබායි සිටෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 547 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඇවිත් තිබුණා.

ඇයගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටි අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටි බව සඳහන්.

ඊශ්‍රායලයේ නිවසක සාත්තු සේවිකාවක ලෙස රැකියාව කරමින් සිටිය දී පසුගිය 07 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරයට ලක්ව අනුලා ජයතිලක රත්නායක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට වුණා.

මේ අතර මෙම මෘත දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, එහි අවසන් කටයුතු සිදුකිරීමට මෙන්ම මෙවැනි විපත් අවස්ථාවල දී පරිහරණය කිරීම සදහා ඊශ්‍රායලයේ විශේෂ අරමුදලක් ඇති අතර, එයින් මුදල් ප්‍රමාණයක් ද මැය වෙනුවෙන් එම පවුලට ලබාදීමට පියවර ගන්නා බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
33
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?