හබලෙන් පහර දී පුද්ගලයෙක් එළොව යවලා

පොළොන්නරුව, අරලගන්විල පොලිස් වසමට අයත් පිඹුරත්තෑව ධීවර තොටුපොළේදී අඹුසැමි යුවළක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බවයි අරලගන්විල පොලිසිය පැවසුවේ.

ඊයේ (18) රාත්‍රියේදී මෙම පහර දීම සිදු කර ඇති අතර එම අඹුසැමි යුවළ පොලිසියට පවසා ඇත්තේ එම පුද්ගලයා කාන්තාවට අතවර කිරීමට ආ නිසා මෙසේ එම පුද්ගලයාට පහරදී ඝාතනය කළ බවයි.

මෙලෙස පහර කෑමෙන් මරණයට පත්ව ඇත්තේ අරලගන්විල, මුල්ගල, පිඹුරත්තෑව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙකි. ඔහු ධීවර කර්මාන්තයේ නියැලෙන්නක් බව පොලිසිය පවසනවා.

ඝාතනය සිදුකළ 67 හැවිරිදි සැකකරු සහ 47 හැවිරිදි කාන්තාව අරලගන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (19) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

මෙලෙස පුද්ගලයා ඝාතනය කිරීමට යොදා ගන්නා ලදැයි කියන හබලද එම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගන්විල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33