spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හබරාදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ වැඩ තහනම්

හබරාදුව පොලිස් ස්ථානයට අනුයුක්තව අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් රාජකාරී කරන ලද පහත විස්තර සඳහන් නිළධාරියාට අපකීර්තිදායක ලෙස හැසිරිම හා රාජකාරී පැහැර හැරිමේ චෝදනාවට ගාල්ල කොට්ඨාශ (01) භාර පොලිස් අධිකාරි විසින් 2023.01.29 දින සිට වැඩ තහනමට ලක් කර තිබෙනවා.

නම :- ගංගොඩගම ආරච්චිගේ පියල් ජයශාන්ත
ලිපිනය :- පිටිදුව පාර,මිදිගම,වැලිගම
තනතුර :- උප පොලිස් පරීක්ෂක

ඉහත නිළධාරියා 2023.01.24 වන දින රුසියානු ජාතික කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ල පිළිබඳව අප්‍රමාදව විමර්ශන නොකිරිම සහ කොල්ලකන ලද දේපළ පවතින ස්ථාන පිලිබඳව නව තාක්ෂණය මඟින් පැමිනිලිකරුවන් විසින් වරින්වර දැනුවත් කර තිබියදී එම දේපල සොයා ගැනිමට උත්සහ නොකිරිම සහ එම අපරාධය බල අපරාධ ලෙස ලේඛන ගත නොකර තිබීම යන කරුණු හේතුවෙන් වැඩ තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?