ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට ඉන්දීය ජාතිකයෙකුට එරෙහිව අධි චෝදනා

පසුගියදා මහනුවර, පල්ලේකැලේ දී අවසන් වූ “ලෙජන්ඩ් ට්‍රෝපි 2020” තරගාවලියේ දී තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් කණ්ඩායමක හිමිකරුවෙකු වූ ඉන්දීය ජාතිකයෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව නීතිපතිවරයා අද (22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළ නඩුව අද (22) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්