නිසි පරිදි බදු නොගෙවා රේගුවෙන් නිෂ්කාශනය නොකර ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (22) මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කළා.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.













