හදිසියේ නිකුත් වූ කාලගුණ නිවේදනය

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබද දකුණු අන්දමන් මුහුදු ආශ්‍රිත පැවති කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම නිවේදනයෙන් දැනුම් දී සිටින්නේ.

ඉහත මුහුදු ප්‍රදේශයේවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර පැ.කි.මී. 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව දන්වා තිබේ. මීට අමතරව විටින් විට හමන ඉතා තද සුළං පැ.කි.මී 60ක් දක්වා ඉහළ යා හැකි බව දැනුම් දෙයි.

ඒ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කර සිටින අතර ඉදිරි කාලගුණ අනාවැකි පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?