හදිසියේම ගොඩබෑ තූර්කි ගුවන් යානය නිසා තවත් ගුවන් යානා දෙකක් මත්තලට

හලාවත ප්‍රදේශය ආශ්‍රිත ගුවනේ අඩි 4000ක් පමණ පහත මට්ටමින් පැය 02 ක පමණ කාලයක් වට 20කට වැඩි වාර ගණනක් පියාසර කරමින් තිබූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය (17) අද අලුයම 12.31ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බැසීම සිදු කරනු ලැබුවේ ඊයේ (16) රාත්‍රී 10ට පමණ කටුනායක ගුවන් තොටුපළ සිට තුර්කිය බලා පිටත්ව යාමට ගුවන් ගත වූ ගුවන් යානයක්.

කෙසේ වෙතත් ගුවන් යානය ගුවන් ගත වී කෙටි වෙලාවක් ඇතුළත එම ගුවන් යානයේ රෝද පද්ධතිය ආශ්‍රිතව දෝෂයක් පවතින බවට එහි ගුවන් නියමුවාට අවබෝධ වූ නිසා මෙලෙස නැවත කටුනායක ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බැස්සවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම හදිසි ගොඩ බැස්සවීමට ඉන්ධන ධාරිතාව අවශ්‍ය මට්ටමට පවත්වා ගැනීම සඳහා මෙලෙස එම ගුවන් යානය පැය කිහිපයක් හලාවත ප්‍රදේශයේ ආශ්‍රිත ඉහළ අහසේ පියාසර කළ බව ගුවන්තොටුපොළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම හදිසි ගොඩ බැස්සවීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ අතර ගුවන් තොටුපළ සහ මීගමුව කලපුව ආශ්‍රිත ප්‍රදේශයේ ගිනි නිවන රථ, ගිලන් රථ මෙන්ම ආපදා රථ සුදානමින් සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස ගොඩ බස්සන ලද එම යානයේ මගීන් 202ක් සහ කාර්ය මණ්ඩලය 10 දෙනෙක් සිටි බවද වාර්තා වනවා.

තවද මෙම හදිසි ගොඩ බැස්සවීම සඳහා කටුනායක ගුවන් තොටුපළේ ධාවන පථය සුදානම් කිරීමට අවශ්‍ය නිසා එම කාලසීමාව තුළ කටුනායක ගුවන්තොටුපළට ගොඩ බැස්සවීමට නියමිතව තිබූ ඩුබායි සිටි පැමිණි ගුවන් යාන දෙකක් මත්තල ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හරවා යවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
2
+1
4
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10