AFC Banner
Empty Ad
Empty Ad

හදන කෑම කන්න බැහැ- වලපනේ නිරෝධායන රෝගීන්

වලපනේ කොරෝනා රෝගීන් සඳහා පවත්වගෙන යන ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින කාන්තාවන් ඊයේ (28වැනිදා) උදෑසන කෑම වර්ජනය කර විරෝධතාව දක්වා ඇත. ඔවුන් පවසන්නේ ඔවුන්ට ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර එම මධ්‍යස්ථානය මගින් ලබා දෙන බවයි.

මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන වලපනේ ප්‍රාදේශීය රෝහලට අයත් වාට්ටුවක මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබයි. එම ස්ථානය කාන්තාවන් වෙනුවෙන් වෙන් කර තිබෙන අතර එහි නිරෝධායනය වන කාන්තාවන් සංඛ්‍යාව 28 දෙනෙකි.

ඉහත චෝදනා සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය මධුර සෙනවිරත්නගෙන් කළ වීමසීමකදී පැවසුවේ කිසිසේත්ම එසේ විය නොහැකි බවයි. මන්ද රෝගීන් සඳහා ආහාර ලබා දෙන කොන්ත්‍රාත්කරුවන්ට ආහාර සඳහා ඉතා ඉහළ මිලක් ගෙවන බවත්, එම ස්ථානය භාරව සිටින වෛද්‍යවරයා ද ආහාරයට ගන්නේ එම කෑම වේලම බැවින් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව කළ වීමසීම් අනුව එවන් තත්තවයක් නොමැති බැවින් එම චෝදනා පිළිගත නොහැකි බවයි.

ස්ථානභාර දොස්තර කන්නෙත් එම කෑමමයි: චෝදනා පිළිගත නොහැකියි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?