ඉම්රාන් ඛාන් වෙනුවෙන් පෙරට ආ අර්ජුන

පාකිස්ථාන ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැප කළ මිනිසෙකුට නිසි සැලකිල්ල සහ සාධාරණත්වය ලබා දෙන ලෙස තමා පාකිස්ථාන රජයෙන් අයැද සිටින බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පවසනවා.

සිරගතව කර සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අර්ජුන රණතුංග මේ බව පවසා තිබෙනවා.

ඉම්රාන් ඛාන්ගේ ධෛර්යය, විශ්වාසය සහ තම රට කෙරෙහි නොසැලෙන විශ්වාසය අගය කරමින් හැදී වැඩුණු බොහෝ දෙනෙකු ගැන තමා දන්නවා බවත්, ඔහු ක්‍රිකට් සහ දේශපාලනයෙන් ඔබ්බට ගිය පුද්ගලයෙක් බවත් අර්ජුන සිය ප්‍රකාශයේ දක්වා තිබෙනවා.

ඒ, අනුව මෙම දුෂ්කර අවස්ථාවේ දී ඔහුට මනුෂ්‍යත්වයෙන් හා ගෞරවයෙන් සලකන ලෙස පාකිස්ථාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි අර්ජුන රණතුංග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර සිරගතව සිටින ඉම්රාන් ඛාන් වෙනුවෙන් ලොව පුරා හිටපු ක්‍රිකට් නායකයින් 14 දෙනෙකු පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් වෙත පසුගියදා ලිපියක් යොමුකර තිබුණා.

ඔහුගේ සෞඛ්‍ය වෙනුවෙන් ලබාදෙන පහසුකම් සම්බන්ධයෙන් ඔවුන් එහිදී කනස්සල්ල පළ කර තිබෙනවා.

එම ලිපිය මඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ ඉම්රාන් ඛාන්ට ගෞරවයෙන් හා මූලික මානව අයිතිවාසිකම් ගැන සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31