මුදල් වංචාවේ නිරත වූ ව්‍යාජ දේවගැතිවරයෙක් මාට්ටු

දේවගැතිවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා මුදල් වංචා කළ බව කියන පුද්ගලයෙක්ව මාරවිල පොලීසිය විසින් ඊයේ (24) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාත්තන්ඩිය, දියබුබුලාගාර ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු විසින් “සුහද සේවා ජන සංවර්ධන සමිතිය” නමින් රජයේ ලියාපදිංචි නොකළ ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

එම ආයතනය විසින් ක්‍රියාත්මක කර ඇති “දිළිදු ජන සහන යෝජනා ක්‍රමය” නම් ව්‍යාපෘතියක් යටතේ මහජනතාවට සහනාධාර ලබා දෙන බව පවසමින් මුදල් එකතු කර වංචාවන් සිදු කර ඇති බවට පොලීසියට පැමිණිලි කිහිපයක්ම ලැබී තිබෙනවා.

ආයතනයේ තැම්පත් කරන මුදල් වසරක කාලයක් ඉකුත් වීමේදී දසගුණයකින් වැඩි කර ආපසු ගෙවීම් කරන
බවට පවසමින් එම සැකකරු ප්‍රදේශවාසීන් රවටා මෙම වංචාව සිදුකර ගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසියට ලදා පැමිණිළි සම්බන්ධයෙන් විමර්ශණයකින් සිදු කිරීමෙන් අනතුරුව මාරවිල පොලීසිය විසින් “බී” වාර්තාවක් මගින් සැකකරු සහ ඔහු විසින් සිදු කර ඇති බව කියන මුල්‍ය වංචාවන් පිළිබදව මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු
දක්වා තිබෙනවා.

එම කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත්වරයා මාරවිල පොලීසියට නියෝග කර තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46