ඇවන්ගාඩ් සමාගමේ රිට් පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කරයි

ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් (Avant-Garde Maritime Services) සමාගම සහ එහි සේවකයින් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම් දෙකක් විධිමත් විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද ( 25 ) නියෝග කළා.

මෙම පෙත්සම් මගින් ඇවන්ගාඩ් සමාගම ඉල්ලා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නියෝගයක් බලරහිත කරන ලෙසයි.

අදාළ නියෝගය මගින් සමාගම විසින් මෙතෙක් පවත්වාගෙන ගිය අවි ගබඩා තුනක් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.

එම අවි ගබඩා යොදාගෙන තිබුණේ මෙරට සාගර සීමාව පසු කරන නෞකාවලට මුහුදු කොල්ලකාර කණ්ඩායම්වලින් ආරක්ෂාව සැපයීමේ කොන්ත්‍රාත් ලබා දීමයි.

අභියාචනාධිකරණයේ විනිසුරු සභාපති රොහාන්ත අබේසුරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නේ පෙත්සම් පිළිබඳ මූලික සලකා බැලීමකින් අනතුරුවයි.

සිය ව්‍යාපාරික කටයුතුවලට එමගින් බලපෑමක් සිදුවන බව පෙත්සම්කරුවන්ගේ තර්කය වී තිබුණා.

මෙම පෙත්සම් දෙක මූලික වශයෙන් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල , ඒවා විභාගයට ගැනීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීරණය කරමින් ඉවත දැමීමට නියෝග කළා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දුන් එම නියෝගය තවදුරටත් වලංගු වනවා.

එහිදී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු වුණා.

  • 2025 අගෝස්තු මස නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නාවික ආරක්ෂක සේවා (OBST) පූර්ණ වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරා තිබීම.
  • නාවික පනතේ 21 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මෙම කටයුතු “නාවික නොවන රාජකාරි” ලෙස රජය යටතට පවරා ගැනීම නීත්‍යානුකූල බව තහවුරු වීම.

ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණය අත්හිටුවීමට තරම් ප්‍රමාණවත් නීතිමය පදනමක් පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බව අධිකරණයේ නිගමනය වුණා.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී ඇවන්ගාඩ් සමාගම වෙත මෙම මෙහෙයුම් කටයුතු භාර දීමෙන් ඔවුන් අතිවිශාල සහ අසාධාරණ ලාභයක් ලබාගෙන තිබුණා.

මෙය ශ්‍රී ලංකා නාවික හමුදාවට විශාල ආදායම් අහිමිවීමක්ව තිබුණා.

රජයේ නවතම දත්ත වාර්තාවලට අනුව, 2025 ඔක්තෝබර් මස සිට නාවික හමුදාව මෙම මෙහෙයුම් සෘජුවම සිදු කිරීම ආරම්භ කිරීමෙන් පසු ලැබුණු සමස්ත ආදායම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කර තිබෙනවා.

මෙම තීන්දුවත් සමඟ ඇවන්ගාඩ් සමාගම රජයට ගෙවීමට ඇති බව පැවසෙන රුපියල් මිලියන 782 ක හිඟ මුදල අයකර ගැනීමට රජය විසින් නීතිමය පියවර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව ඉදිරියේදී ඇවන්ගාඩ් සමාගම විසින් සිදුකර ඇති පාඩුව සහ වංචා දූෂණ පිළිබද විමර්ශන සිදු කරනු ඇතැයිද අපේක්ෂා කෙරෙනවා.

එසේම, ජාත්‍යන්තර නෞකා සමාගම් දැන් සෘජුවම ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ගනුදෙනු කිරීමට බැඳී සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:33
Video thumbnail
අවු:76ක සා#ඵය ගැන රාජිත ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න අමතයි..මේක සා#ඵයක්ද ?
11:18
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන රාජිත කළ ප්‍රබල හෙළිදරව්ව - ස##න්ලා මැ#න්නේ නෑ ගෝඨාභයලා බලයට ගේන්න
05:49
Video thumbnail
රනිල් - අනුර අතර සාකච්ඡාවක් තිබුණද ? - රනිල් අනුරට ගොඩක් උදව් කළා
02:07
Video thumbnail
ඉස්සර නාමල්ට වඩා දැන් නාමල් හරි පරිණතයි..මහින්ද කරපු දේම කරන්නේ - නාමල් ගැන හොඳ කිව්ව රාජිත
03:02
Video thumbnail
මරික්කාර්ගේ ප්‍රකාශයට රාජිතගෙන් සැර කතාවක් - මං රටේ කුඩාම පක්ෂයේ ඉදලා දන්නවා
10:57
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:43
Video thumbnail
රනිල් ළඟ ඉන්න අයම එයා ගැන දන්නේ නෑනේ - පාර්ලිමේන්තු පැමිණීම ගැන කවියකින්ම කිව්ව රාජිත
03:47
Video thumbnail
රනිල් ගත්ත ණය ගැන කියද්දි රාජිතට යකා නගියි - ණය ගන්න එක කිසිම වැරැද්දක් නෙවෙයි
04:26