Update – හංවැල්ලේ වෙඩි තැබීමෙන් මන්නා රොෂාන්ගේ අයියා මරුට (ඡායාරූප)

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී අද (04) දහවල් සිදු වූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ‘මන්නා රොෂාන්’ නැමැත්තාගේ වැඩිමල් සහෝදරයා බව වාර්තා වනවා.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි හංවැල්ල පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයින් දෙදෙනා කැබ්රතයකින් ගමන් කරමින් සිටිය දී යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් රොෂාන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වනදා ඝාතනයට ලක් වුණේ පාදුක්ක, තුන්නාන, වෙන්දේසි වත්ත ඉඩමේ දීයි.

Update – 2024-03-04 | 12.50PM

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

අද (04) සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ටී -55 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

1 3
2 1
3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
9
+1
3
+1
6
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?