ගුවන් ධාවන පථයේ ලියූ විභාගය (වීඩියෝ)

රජයේ විභාගයක් පැවැත්වීම සඳහා ගුවන් ධාවන පථයක් යොදාගත් පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඔඩීෂා හි ගුවන් ධාවන පථයක්ක් විභාගය පැවැත්වීම සඳහා මෙලෙස යොදාගෙන ඇති බවයි.

ඔඩීෂා හි ග්‍රාම ආරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග විභාගයක් මෙලෙස පවත්වා ඇති අතර, ඒ සඳහා විභාග අපේක්ෂකයින් 8,000 කට වැඩි පිරිසක් පෙනී සිට තිබෙනවා.

මෙලෙස විශාල විභාග අපේක්ෂකයින් සංඛ්‍යාවක් විභාගය වෙනුවෙන් එකවර පෙනී සිටීම හේතුවෙන් මතු වූ ශාලා ගැටලුවට පිලියමක් ලෙස ගුවන් ධාවන පථයේ විභාගය ඒ සඳහා යොදාගැනීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මේස හෝ පැදුරු සපයා නොතිබූ බැවින්, අපේක්ෂකයින් විභාගය ලිවීමට ගුවන් පථයේ මතුපිට භාවිත කර ඇති අතර, විභාගය අධීක්ෂණය කිරීමට සහ විභාගය අතරතුර විනය පවත්වා ගැනීමට ඩ්‍රෝන යානා යොදවා තිබූ බවයි වාර්තා වන්නේ.

8,000කට වැඩි සංඛ්‍යාවක් පෙනී සිටි මෙම විභාගයෙන් තෝරාගනු ලබන්නේ පුරප්පාඩු 187ක් සඳහා පමණක්වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23