මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමඟ ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ සූරියකන්ද පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාපරාධී බිය ගැන්වීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (22) පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.