දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍යයි – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

දුම්කොළ හා මධ්‍යසාර පිළිබදව මීට වඩා දැඩි පාලනයක් අවශ්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අවධාරණය කරනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය විසින් සංවිධානය කරන ලද ත්‍රෛයිමාසික දුම්කොළ හා මත්ද්‍රව්‍ය වැළැක්වීම පිළිබද මනෝ උපදේශණ සහතිකපත්‍ර පාඨමාලාව නිමකරන ලද සහතිකපත්‍රලාභීන් පනස්දෙනෙකු සදහා සහතිකපත්‍ ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාවට අද (22) සහභාගී වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට සිදුවන මරණ විශාල සංඛ්‍යාවකට මෙන්ම, විශාල රෝග ප්‍රමාණයකට මත්පැන් හා මත්ද්‍රව්‍ය සෘජුවම බලපාන බවයි.

ඒ, අනුව සෞඛ්‍ය අමාත්‍යාශයේ වැය ශීර්ෂයෙන් විශාල මුදලක් මේ සදහා වැය කිරීමට සිදුව ඇති බවත්, එමෙන්ම මෙරට සිදුවන අනතුරුවලින් විශාල ප්‍රමාණයකට ද මත්පැන් හා මත්ද්‍රව්‍ය මූලික හේතුවක් වන බව ද පැවසුවා.

මෙරට සෞඛ්‍ය ක්ෂ‍ේත්‍රයේ සෑම අංශයක්ම විශ්ලේෂණය කර බැලීමේ දී ‌රෝහල් ගතවන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන් රෝහල් ගතවීමට ඍජුවම දුම්කොළ හා මත්ද්‍රව්‍ය හේතුකාරක වී ඇති අතර, ඒ හේතුවෙන් මෙරට රජයේ රොහල්වල ඇදන් ධාරිතාවයෙන් විශාල ප්‍රමාණයක් මේ සදහා වැයකර තිබෙන බව ද පැවසුවා.

එමෙන්ම අපයෝජනය, මානසික සෞඛ්‍ය ගැටළුව වැනි කාරණයක දී වුව ද මත්පැන්, මත්ද්‍රව්‍යවල සෘජු හෝ වක්‍ර බලපෑම් බහුලව සිදු වී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

මෙම තත්වයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැඩි අභියෝගයක් බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14